නාඋල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් හෙට විවෘත වෙයි

0 1

[ඉන්දික අරුණ කුමාර – නාඋල ] නාඋල නගරයේ සියළු තොග කඩ හෙට (02) දින විවෘත කරන බව ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංගසිංහ මහතා පවසනවා.

ඊට අමතරව එළවළු කඩ, බේකරි නිෂ්පාදන සහිත එක් කඩයක්, මාලු කඩයක්, මස් කඩයක් සහ කෝප් සිටිය විවෘත කිරීමට නියමිතයි.

සෑම ගමකම සියළු භාණ්ඩ සහිත එක් කඩයක් වීවෘතව තැබෙන අතර අදාළ ග්‍රාමනිලධාරි විසින් භාණ්ඩ අලෙවිය සහ නිරෝධායන නීති පිළිබඳ අධික්ෂණය කෙරේ.

ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබාදීමේ අරමුණින් මෙම වැඩ පිළිවෙල ක්‍රියාවට නංවන බවත්, අත්හදා බැලීමේ වැඩ සටහනක් ලෙස මෙය ක්‍රියාත්මක බවත්  චින්තක ඉලංගසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියා.

Read Also This News : උපතැපැල් කාර්යාල විවෘත කරන වේලාවේ වෙනසක්

යම් හෙයකින් නාඋල පොලිස් බල ප්‍රදේශයේ  පවත්වාගෙන යනු ලබන නිරෝධායන නීති හෙට(02) දිනයේ උල්ලංගනය වන්නේ නම් මෙම වැඩ පිළිවෙල වහාම අත්හිටුවන බව ද ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංගසිංහ මහතා කියා සිටියා.

You might also like
Comments
Loading...