කොවිඩ් ආසාදිත මරණ 9ක් අදත් – සමස්තය 687 දක්වා ඉහලට

0 2

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 687ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අද(01) දිනයේදී කොවිඩ් 19 ආසාදිත තවත් මරණ 9ක් වාර්තා වීමත් සමගින්.

අද දිනයේ වාර්තා වන මරණ 9 අතුරින් එක් අයෙක් කාන්තාවක් වන අතර සෙසු පිරිස පිරිමි පුද්ගලයන් වනවා.

කාන්තාව දේවාලේගම ප්‍රදේශ පදිංචිකාරියක් වන අතර සෙසු පිරිස කරඳන, අවිස්සාවේල්ල, රුවන්වැල්ල, මාවනැල්ල, යක්විල, වලපනේ, රත්නපුර සහ කුලියාපිටිය යන ප්‍රදේශවල පදිංචි අයවළුවන් වනවා.

Read Also This News : සෞඛ්‍ය උපදෙස් නොතැකූ වතුවෘත්තීය සමිති නායකයන් පිරිසක් නිරෝධායනයට

යක්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා 33 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මේ වනවිට මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාවෙන් මරණ 436ක් පිරිමි පුද්ගලයන් වන අතර අනෙකුත් 251 දෙනා කාන්තාවන් වනවා.

අද(01) දිනයේ වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත මරණ 9 පිළිබඳ සවිස්තර සටහන පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...