අද දවසේ කොවිඩ් ආසාදිතයන් ගණන 1700 ඉක්මවයි

0 4

දිනක් තුළදී කොවිඩ් 19 ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් අද දිනයේදී මෙරටින් වාර්තා වූවා.

ඒ ආසාදිතයන් 1716 දෙනෙක් වාර්තා කරමින්.

ඉන් ආසාදිතයන් 1699 දෙනෙක් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 109,862ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : නාඋල නගරයේ ව්‍යාපාරික ස්ථාන කිහිපයක් හෙට විවෘත වෙයි

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 12,697ක් වන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 96,478ක් වනවා.
වාර්තා වන මරණ සංඛ්‍යාව 687ක්.

 

You might also like
Comments
Loading...