වැව කැඩිලා අවුරුදු 12ක් වුණත් බලධාරීන් නිහඬයි

0 0

ටික්කම්කඩවල වැව බිදීගොස් දැනට වසර 12 ට ආසන්න කාලයක් වන බවත් මේ වනතුරුත් බලධාරින් ඒ පිළිබඳ අවධානය යොමු නොකිරී හේතුවෙන් වැවේ ජලය අපතේ යමින් වැව සිදී යන බවත් එම නිසා ටික්කම්පොතාන ගොවීන් හට වැව යටතේ ගොවිතැන් කටයුතු සිදු කර ගැනීමට නොහැකි වී ඇති බව ටික්කම්පොතාන ගම්වාසීන් පවසන්නේ.

කහටගස්දිගිලිය ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් 214 තුලානේ, ටික්කමපොතාන ග්‍රාමයේ පිහිටා ඇති මෙම ටික්කම්කඩවල වැව ගලෙන්බිදුණුවැව හුරුලුවැව වාරිමාර්ග කාර්යාලය යටතේ සංවර්ධන කටයුතු සිදු කළ යුතු වැවකි.

මෙම වැව හරහා කුඹුරු අක්කර 100 ට ආසන්න කාලයක් අස් වැද්දිය හැකිවුවත් මේ වන විට වැවේ ජලය රැදී නොතිබීම හේතුවෙන් කුඹුරු අක්කර 50 ට ආසන්න ප්‍රමාණයක්, එක් කන්නයක් පමණක් වගා කීරීමට ගොවීන් හට සිදුව තිබෙනවා.

Read Also This News : අද දවසේ කොවිඩ් ආසාදිතයන් ගණන 1700 ඉක්මවයි

යල මහ කන්න දෙකක් මෙරට වී ගොවිතැන් කටයුතු සඳහා වෙන් වී තිබුණත් ටික්කම්කඩවල වැව බිදී යාම හේතුවෙන් එයට උරුමකම් කීමට හැකියාවත් නොහැකිව අසරණ වී සිටින ටික්කම්පොතාන ගොවීන් තම කටුක ජීවනෝපාය පිළිබඳ අපට කියා සිටියේ මෙලෙසින්.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන එච්. එම් විජේකෝන් බණ්ඩාර ගොවි මහතා.

අපි දැනට ගමේ කුඹුරු අක්කර 50 යි වගා කරන්නේ.
තවත් 50 ක් විතරම අත හරිනවා.
මේ පනහත් එක කන්නයයි වැඩ කරන්න වෙන්නේ.
සමහර විට ඒ කන්නෙදීම ජලය නොමැතිව මේ අක්කර පනහෙනුත් ඈතින් කුඹුරු මැරෙනවා.
මේ ටික්කම්කඩවල වැව දෙපැත්තෙම්ම ඔය පිහිටලා තියෙන්නේ.
මට මතක හැටියට 2010හේ කිව්ලේකඩ වැව කැඩුණා.
ඒ කාළේ තමයි මේ වැවවත් කැඩුනේ.
එදා ඉදලා මේ දක්වා මේ වැව පිරෙන්න බලධාරින්ට ලිපි දීලා ඇති වැව හදා ගන්න.
නමුත් අද වෙනකම් මේ පිළිබඳ බලධාරින් සොයා බලන්නේ නෑ.
මේ වැවට රජ කාලේ වතුර දීලා තියෙන්නේ යාන් ඔය හරහා.
වැවේ පෑලෑන්(සැලස්ම) එකේ එහෙම සඳහන් වෙලා තියෙනවා.
අපි කියන්නේ අඩි 04 ක විතර ඇනිකට් එකක් දාලා මේ වැව හදලා දෙන්න කියලයි බලධාරින්ට.
අපිට වැවට හොරෙව් දාන්න බෑ.
නැත්තම් අපි මේ වැව හදා ගන්නවා.
මේ වැවේ බන්ට් එකෙන් බස් දෙක්ක් මාරු වෙන්න පලුවන් තරම් විශාලයි.
ඒ සියල්ල කැලේ වැවිලා දැන්.
අපිට යල මහ දෙකේම කුඹුරු අක්කර 100 ය අස් වද්දන්න පුලුවන් ආකාරයට මේ වැව හදලා දෙන්න මහත්තයෝ.

ඩී. ප්‍රභාත් ගොවි මහතා අදහස් දක්වමින් මෙලෙස කියා සිටියා.

අපි වැව කැඩුණු දවසේ සිට අදාල බලධාරින්ට දැනුවත් කළා.
නමුත් හැමෝම නිෂ්ශබ්දයි.
කිසිම පියවරක් ගන්නේ නෑ.
ගමේ පවුල් 110 ක් පාවිච්චි කළ වැව.
කුඹුරු අක්කර 100 ක් පමන රජ දවසේ සිට අස් වද්දපු වැව, අද කැලේ වැදිලා.
මේ වැව කැඩී යාම නිසා කුඹුරු කරන්න බැහැ.
මෙයට විසදුමක් ලබා දෙන්න කියලයි අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ කුඹුරු යල මහ දෙකම වගා කළෝත් හොද අස් වැන්නක් අපට රටට ලබා දිය හැකියි.

අප මේ පිළිබඳ හුරුලුවැව වාරිමාර්ග කාර්යාලයෙන් සහ අනුරාධපුර වාරිමාර්ග කාර්යාලයෙන් විමසීමක් කළා.

එහිදී අපට එම නිලධාරින් නිසි ප්‍රතිචාරයක් නොලැබුණි.

ඒ අනුව පළාත් වාරිමාර්ග අධ්‍යක්ෂක ජයන්ත මහතා මේ පිළිබඳ අප දැනුවත් කිරීමෙන් අනතුරුව මේ පිළිබඳ සොයා බලා අවශ්‍ය අංශය වෙත ගැටලුව යොමු කරන බව ඒ මහතා කියා සිටියා.

You might also like
Comments
Loading...