අද උදෑසන හුදකලා ප්‍රදේශ

0 0

දිස්ත්‍රික්ක හතරකට අයත් පොලිස් වසමක් සහ ග්‍රාම නිලධාරි වසම් හතක් අද(02) උදෑසන සිට හුදකලා කර ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොළඹ, කළුතර, ත්‍රීකුණාමලය සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ප්‍රදේශ මෙලෙස හුදකලා කෙරෙනවා.

කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශය හුදකලා කර ඇති අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ නීලදණ්ඩාහින්න ග්‍රාම නිලධාරී වසම හුදකලා කර තිබෙනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඕර්ස් හිල් සහ අන්පුවාලිපුරම් ග්‍රාම සේවා වසම් හුදකලා කෙරුණා.

Read Also This News : අද දවසේ කාලගුණ තත්ත්වය

කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කෙරුණේ වලාන උතුර, වෑකඩ බටහිර, කිරිබේරිය සහ මාලමුල්ල නැගෙනහිර යන ග්‍රාම නිලධාරී වසම්ය.

ඒ අනුව මේ වන විට දිවයින පුරා පොලිස් බලප්‍රදේශ 7ක් සහ ග්‍රාම නිලධාරී වසම් 58ක් හුදකලා කර තිබෙනවා.

You might also like
Comments
Loading...