ගෙවී ගිය පැය 24 තුළ වැඩිම ආසාදිතයන් කොළඹින්

0 0

ශ්‍රී ලංකාවෙන් කොවිඩ් 19 ආසාදිත පුද්ගලයින් 1716 දෙනෙක් අද(02) උදෑසනින් අවසන් වූ පැය 24ක කාලය තුළදී වාර්තා වන බවත් ඉන් ආසාදිතයන් 17 දෙනෙක් විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඉතිරි පුද්ගලයින් 1699 දෙනා දේශීය හඳුනාගත් ආසාදිතයින් බවයි එම මධ්‍යස්ථානය අද(02) උදෑසන නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එලෙස හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වනවා.
ඒ ආසාදිතයන් 375ක් ලෙසින්.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 247ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 158 දෙනෙක් වාර්තා වනවා.

Read Also This News : වැව කැඩිලා අවුරුදු 12ක් වුණත් බලධාරීන් නිහඬයි

සෙසු ආසාදිතයන් 919 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

මේ අතර ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 113ක් තුළ අද(02) දින වන විට පුද්ගලයන් 11,212 දෙනෙක් නිරෝධානය වෙමින් සිටින බවද එම මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

 

You might also like
Comments
Loading...