ඇමැති මහින්දානන්ද ස්වයං නිරෝධායනයට

0 0

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඒ අමාත්‍යවරයාගේ රියදුරාට සහ ආරක්ෂක නිලධාරියෙකුට කොවිඩ් 19 ආසාදිත බවට තහවුරු වීමත් සමගින්.

එලෙස තහවුරුවීමෙන් අනතුරුව අමාත්‍යවරයාට සිදු කරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේදී අමාත්‍යවරයාට කොවිඩ් 19 ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා.

කෙසේ වෙතත් අමාත්‍යවරයා මේ වන විට ස්වයං නිරෝධායනයට ලක්ව සිටින බවයි වාර්තා වන්නේ.

Read Also This News : වැලිමඩ ගැබිණි කතකට සහ පොලිසියේ දෙදෙනකුටත් කොවිඩ්

මේ අතර අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පලාල් කුමාරසිංහ මහතාටද කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට තහවුරු වූ බව අම්බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසනවා.

ඔහු අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතාගේ ආශ්‍රීතයෙකු බවට මීට පෙර හඳුනා ගෙන තිබූ අතර ඔවුන් දෙදෙනා අම්බලන්ගොඩ සමුපකාර ඡන්දයේදී එක්ව වැඩකර ඇති බවයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසන්නේ.

You might also like
Comments
Loading...