උතුරේ නිවෙස් කොල්ලකෑ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 5ක් අල්ලයි

0 2

උතුරු පළාතේ යාපනය, මුලතිව්, කිලිනොච්චිය ප්‍රදේශයන්හි නිවාස 15කට වැඩි ප්‍රමාණයක් මංකොල්ලකෑම් සිදුකොට රන් භාණ්ඩ, ගෘහ භාණ්ඩ හා මුදල් සොරා ගැනීම් සිදු කළ කල්ලි සාමාජිකයින් වු කාන්තාවන් දෙදෙනෙකු හා පිරිමි පුද්ගලයින් තිදෙනෙකු ඊයේ(01) අත්අඩංගුවට ගත් බව මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවාස මංකොල්ලකෑම් සිදුකළ කල්ලියක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.

සැකකරුවන් නිවාසවලින් සොරාගත් රන් පවුම් 25ක්, ජංගම දුරකථන හතක් හා මුදල් තොගයක්ද සොයාගත් බවද පොලිසිය කියා සිටියා.

සිදුකළ විමර්ශනයේදී සැකකරුවන් මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නිවාස අටක්, කිලිනොච්චියේ නිවාස තුනක්, යාපනයේ නිවාස දෙකක්, මුලතිව් ප්‍රදේශයේ නිවාස දෙකක් කොල්ලකා ඇති බවට තොරතුරු අනාවරණ වූ බවයි පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ.

Read Also This News : අද උදෑසන හුදකලා ප්‍රදේශ

සැකකරුවන් අදාළ නිවාසවලින් රන් පවුම් 150 කට වැඩි ප්‍රමාණයක් සොරාගෙන ඇති බවට තොරතුරු අනාවරණ වී තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 ත් 35 ත් අතර එකම පවුලේ පිරිසක් වන අතර, සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මත්කුඩුවලට ඇබ්බැහි වි ඇති බවද පොලිසිය පවසනවා.

සැකකරුවන් සොරාගත් රන් භාණ්ඩ අත්අඩංගුවට පත් කාන්තාවන් විසින් කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන්හි රන් භාණ්ඩ අලෙවිකරුවන් වෙත විකුණා ඇති බවට අනාවරණය කොටගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙය වනු ලබනවා.

You might also like
Comments
Loading...