නුවරඑලිය පොලිසියේ 5කට කොවිඩ් – රථ වාහන අංශය තාවකාලිකව වැසේ

0 0

නුවරඑලිය මූලස්ථාන පොලිසියේ කාන්තා උපපොලිස් පරික්ෂකවරියකට සහ රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව නුවරඑලිය පොලිසියේ උසස් නිලධාරියෙකු පැවසිය.

රථ වාහන අංශයේ පොලිස් නිලධාරින් සිව් දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය විම හේතුවෙන් රථ වාහන අංශයේ අනෙකුත් පොලිස් නිලධාරින් පි.සි.ආර් පරික්ෂණයකට භාජනය කර ස්වයං නිරෝධානයට යොමු කර රථ වාහන අංශය තාවකාලිකව වසා දැමු බවයි එම නිලධාරිවරයා පැවසිය.

Read Also This News : ගෙවී ගිය පැය 24 තුළ වැඩිම ආසාදිතයන් කොළඹින්

කොවිඩ් 19 වෛරසය ආසාදනය වි ඇති නිලධාරින් නුවරඑලිය වසන්ත උදානයේ රාජකාරි කර නිලධාරින් පිරිසක් බවද පැවසෙනවා.

You might also like
Comments
Loading...