මුලතිව් කුඹුරු යායකින් අත්බෝම්බයක්

0 0

මුලතිව්, තන්නිමුරුප්පුව ප්‍රදේශයේ කුඹුරු යායක තිබි අත්බෝම්බයක් ඊයේ(01) සොයාගත් බව මුලතිව් පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ කුඹුරු ඉඩම් හිමියා වගාව වෙනුවෙන් කුඹුරු බිම සැකසීමේදී අදාළ අත්බෝම්බය දැක අනතුරුව පොලිසිය දැනුවත් කළ බවයි.

එල් ටි ටි ඊ සංවිධානය විසින් යුධ සමයේ නිෂ්පාදිත තමිලන් ගුණ්ඩු නමැති වර්ගයේ අත්බෝම්බයක් එලෙස සොයාගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

අත්බෝම්බය හමුවු කුඹුරු යාය ආශ්‍රිත ප්‍රදේශයේ තවත් පුපුරණ ද්‍රව්‍ය පවතින්නේදැයි සොයා මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ පරීක්ෂා කිරීමට නියමිත බවද පොලිසිය කියා සිටියා.

Read Also This News : ඇමැති මහින්දානන්ද ස්වයං නිරෝධායනයට

මීට දින කිහිපයකට ඉහතදීද මුලතිව් තන්නිමුරුප්පුව ප්‍රදේශයේ කැළැවක තිබි ආර්.පි.ජි. උණ්ඩ තොගයක් සොයා ගැනුණා.

හමුවු අත්බෝම්බය පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය විසින් නිශ්ක්‍රීය කිරීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

You might also like
Comments
Loading...