මහා පරිමාණ කසිප්පු ජාවාරමක් කළ අයෙක් අත්අඩංගුවට

0 3

කිලිනොච්චිය, ධර්මපුරම්, පුලියන්පොක්කනෙයි ප්‍රදේශයේදී මහා පරිමාණ කසිප්පු ජාවාරමක් සිදුකළ අයෙකු අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය ධර්මපුරම් පොලිසිය පවසනවා.

ඒ පොලිසියට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදීයි.

සැකකරු සතුව තිබි ගෝඩා ලීටර 120 ක් හා කසිප්පු ලීටර් 100 අත්අඩංගුවට ගත් අතර, කසිප්පු පෙරීමට යොදාගන්නා ලද බැරල් 9ක් හා දඟර තුනක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියා සිටියා.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 18 ක පුද්ගලයෙකු වන අතර, සැකකරු කිලිනොච්චිය හා මුලතිව් දිස්ත්‍රික්කයන් වෙත කසිප්පු බෙදා හැරීම සිදුකොට ඇති බවටද පොලිසිය කරුණු අනාවරණය කරගෙන තිබෙනවා.

Read Also This News : උතුරේ නිවෙස් කොල්ලකෑ කාන්තාවන් දෙදෙනෙක් ඇතුළු 5ක් අල්ලයි

සැකකරු කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණටයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, ධර්මපුරම් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

You might also like
Comments
Loading...