ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ලකුණු 436ක් ඉදිරියෙන්

0 4

සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය අදයි.

දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට මීට සුළු මොහොතකට පෙර තීරණය කරනු ලැබුවා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට වඩා ලකුණු 436ක් ඉදිරියෙන් සිටිනවා.

බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටිනවා.

තරගය ජයග්‍රහණය කිරීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම තවත් ලකුණු 430ක් ලබාගත යුතු වනවා.

ඒ සඳහා ඔවුන්ට අද දිනයේ ඉතිරි කාලය සහ හෙට දිනය ඉතිරිව පවතිනවා.

ශ්‍රී ලංකා කණ්ඩයම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 7කට ලකුණු 493ක් ලබාගැනීමෙන් පසුව ඉනිම අත්හිටවනු ලැබුවා.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළහිරු තිරිමාන්න ලකුණු 140ක්ද නායක දිමුත් කරුණාරත්න ලකුණු 118ක්ද ලබාගැනීමට සමත් වූවා.

Read Also This News : නුවරඑලිය පොලිසියේ 5කට කොවිඩ් – රථ වාහන අංශය තාවකාලිකව වැසේ

ඔසඳ ප්‍රනාන්දු ලකුණු 81ක්ද නොදැවී පන්දුවට පහර දුන් නිරෝෂන් දික්වැල්ල ලකුණු 77ක්ද ලබාගැනීමට සමත් වූවා.

රමේෂ් මෙන්ඩිස්ට ලබාගත හැකි වූයේ ලකුණු 33ක් පමණක් වන අතර පැතුම් නිශ්ශංක ලකුණු 30ක් ලබාගත්තා.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 5කටත් ධනංජය ද සිල්වා ලකුණු 2කටත් දැවී ගියා.

පන්දු යැවීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් ටස්කින් අහ්මඩ් කඩුලු හතරක් දවා ගැනීමට සමත් වූ අතර Mehidy Hasan Miraz, Shoriful Islam ​සහ ටයිජුල් ඉස්ලාම් කඩුලු එක බැගින් දවා ගැනීමට සමත් වූවා.

සිය පළමු ඉනිම වෙනුවෙන් බංග්ලාදේශ කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 251ක් පමණයි.

එහිදී ටමීම් ඉක්බාල් ලකුණු 92ක්ද නායක Mominul Haque ලකුණු 49ක්ද මුෂ්ෆිකර් රහීම් ලකුණු 40ක් සහ සයිෆ් හසන් ලකුණු 25ක් ලබාගැනීමට සමත් වූවා.

සෙසු ක්‍රීඩකයින් ලකුණු විස්සේ සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවීන් ජයවික්‍රම කඩුලු 6ක් දවා ගැනීමට සමත් වූ අතර සුරංග ලක්මාල් සහ රමේෂ් මෙන්ඩිස් කඩුලු දෙක බැගින් දවා ගැනීමට සමත් වූවා.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 194ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

එහිදී නායක දිමුත් කරුණාරත්න ලකුණු 66ක් ලබාගැනීමට සමත් වූවා.

ධනංජය ද සිල්වා ලකුණු 41, පැතුම් නිශ්ශංක සහ නිරෝෂන් දික්වැල්ල ලකුණු 24 බැගින් ලබාගැනීමට සමත් වූවා.

සෙසු ක්‍රීඩකයින් ලකුණු 20 සීමාව පසු කිරීමට සමත් වූයේ නැහැ.

පන්දු යැවීමේදී ටයිජුල් ඉස්ලාම් කඩුලු පහක්ද Mehidy Hasan Miraz කඩුලු දෙකක්ද ටස්කිස් අහ්මඩ් සහ සයිෆ් හසන් එක් කඩුල්ල බැගින් දවා ගැනීමට සමත් වූවා.

 

You might also like
Comments
Loading...