අද දවසේ කොවිඩ් ආසාදිතයන් ගණන 1891 – මරණ 9ක්

0 2

දිනක් තුළදී කොවිඩ් 19 ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් අද(02) දිනයේදී මෙරටින් වාර්තා වූවා.

ඒ ආසාදිතයන් 1891 දෙනෙක් වාර්තා කරමින්.

ඉන් ආසාදිතයන් 1843 දෙනෙක් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර සහ අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 111,753ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : පු.ලි.දෙ. ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාල වැසේ

මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 13,824ක් වන අතර සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 97,242ක් වනවා.

අද(02) දිනයේ වාර්තා වූ මරණ 9ද සමගින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 696ක්.

You might also like
Comments
Loading...