තවත් ග්‍රාම නිලධාරී වසම් අටක් හුදකලා කෙරේ

0 3

නුවරඑළිය, කළුතර, කොළඹ, මඩකලපුව සහ ගම්පහ යන දිස්ත්‍රික්කවලට අයත් ග්‍රාම නිලධාරී වසම් අටක් අටක් හුදකලා කර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ මේ මොහොතේ සිට අදාළ ප්‍රදේශ හුදකලා කලාප වශයෙන් නම් කරන බවයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පාදුක්ක පොලිස් බලප්‍රදේශයට අයත් උග්ගල්ල ග්‍රාම නිලධාරී වසමත් ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් බලප්‍රදේශයට අයත් අල්විස් වත්ත ග්‍රාම නිලධාරි වසමත් හුදකලා කර තිබෙනවා.

Read Also This News : ශ්‍රී ලංකාව බංග්ලාදේශයට වඩා ලකුණු 436ක් ඉදිරියෙන්

කළුතර දිස්ත්‍රික්කයේ පිංවත්ත, නාරම්පිටිය සහ පිංවත්ත බටහිර යන ග්‍රාම නිලධාරි වසම් සහ බණ්ඩාරගම පොලිස් වසමට අයත් බණ්ඩාරගම නැගෙනහිර ග්‍රාම නිලධාරි වසම හුදකලා කර තිබෙනවා.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ රත්මැටිය ග්‍රාම නිලධාරී වසමත් මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුනෙයි උතුර පොලිස් බලප්‍රදේශයට අයත් තිස්සවීරසිංහම් චතුරස්‍ර ග්‍රාම නිලධාරී වසමත් හුදකලා කර තිබෙනවා.

මේ අතර පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හුදකලා බව ඉවත් කර එහි ග්‍රාම නිලධාරී වසම් අටක්ද මහරගම එක් ග්‍රාම නිලධාරි වසමක්ද හුදකලා කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

එලෙස හුදකලා කර ඇත්තේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් දාම්පේ, බටකැත්තර උතුර, පැලැන්වත්ත බටහිර, කැස්බෑව දකුණ, පැලැන්වත්ත නැගෙනහිර, මාකන්දන නැගෙනහිර, මාවිත්තර උතුර සහ මඩපාත යන ග්‍රාම නිලධාරී වසම් අට සහ මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් අරව්වල උතුර ග්‍රාම නිලධාරී වසමයි.

කෙසේ වෙතත් පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ අදාළ ග්‍රාම නිලධාරී වසම් අටට අමතරව මින් පෙර පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හුදකලා බවට පත් කර තිබූ ගොඩකාපිටිය සහ නාම්පමුණුව යන ග්‍රාම නිලධාරී වසම් තවදුරටත් හුදකලා තත්ත්වයේ පවතින බවද අදාළ නිවේදනයේ සඳහන්.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ අදාළ නිවේදනය පහත පරිදි වේ.

You might also like
Comments
Loading...