අද දවසේ කාලගුණික තත්ත්වය

0 3

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් පොළොන්නරුව, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read Also This News : පු.ලි.දෙ. ප්‍රධාන කාර්යාලය සහ සියලුම පළාත් කාර්යාල වැසේ

මේ අතර ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය පහත පරිදි වේ.

අද දවසේ කාලගුණික තත්ත්වය

You might also like
Comments
Loading...