දක්ෂිණ අධිවේගයේ සේවකයින් 17කට කොවිඩ් ආසාදිත වෙයි

0 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව අන්තර් හුවමාරුවේ සේවකයින් 12 දෙනෙකුටත් කඩුවෙල අන්තර් හුවමාරුවේ සේවකයින් සිව් දෙනෙකුටත් අතුරුගිරිය අන්තර් හුවමාරුවේ එක් සේවකයෙකුටත් මේ වන විට කොවිඩ් 19 වෛරසය ආසාදිනය වී ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා පවසනවා.

ඒ හේතුවෙන් කහතුඩුව පිවිසුම අසල අද(03) උදෑසන දැඩි රථ වාහන තදබදයක්ද පැවැති බවටයි වාර්තා වන්නේ.

මේ අතර කාර්ය මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු කිහිපයක කාර්ය මණ්ඩල ඉවත් කර ඇති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් හා නඩත්තු අංශයේ වැඩබලන අධ්‍යක්ෂ මිහාල් ලොඩ්වික් මහතා පවසනවා.

Read Also This News : අද දවසේ කොවිඩ් ආසාදිතයන් ගණන 1891 – මරණ 9ක්

ඒ අනුව කොට්ටාව, කඩුවෙල සහ අතුරුගිරිය යන අන්තර් හුවමාරුවල සේවකයින් එලෙස ඉවත් කර ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කෙසේ වෙතත් එම අන්තර් හුවමාරු විවෘත තැබෙන අතර ඒවායින් අධිවේගී මාර්ගයට පිවිසෙන හෝ පිටවන රථ වාහන සඳහා ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම සිදු නොවන බවද ඒ මහතා පවසනවා.

කෙසේ නමුත් එම අන්තර් හුවමාරුවලින් ඇතුළුවන රථ වාහන පිටවීමේදී අදාළ මුදල් ගෙවීමේ හැකියාව පවතිනවා.

You might also like
Comments
Loading...