ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 209ක විශිෂ්ඨ ජයක්

0 3

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැති දෙවන ටෙස්ට් තරගයෙන් ලකුණු 209ක විශිෂ්ඨ ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වූවා.

ඒ බංග්ලාදේශ කණ්ඩායමේ දෙවන ඉනිම ලකුණු 227කට සීමා කිරීමත් සමගින්.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඒ අනුව පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු හතක් දැවී ලකුණු 493ක් ලබා සිටියදී ඉනිම අත්හිටවනු ලැබුවා.

ඊට පිළිතුරු ලෙස බංග්ලාදේශ කණ්ඩායමට සියලුම දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 241ක් පමණයි.

Read Also This News : තවත් ග්‍රාම නිලධාරී වසම් අටක් හුදකලා කෙරේ

පසුව දෙවන ඉනිම වෙනුවෙන් පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9කට ලකුණු 194ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවා.

තරගය ජයග්‍රහණය සඳහා ලකුණු 437ක ඉලක්කයක් හඹා යාමට පිටියට පැමිණි බංග්ලදේශ කණ්ඩායමට සියලු දෙනාම දැවී ලබාගත හැකි වූයේ ලකුණු 227ක් පමණයි.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගය ලකුණු 209කින් ජයග්‍රහණය කිරීමට සමත් වූවා.

පන්දු යැවීමේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නවක ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම පළමු ඉනිමේ කඩුලු හයක්ද දෙවන ඉනිමේදී කඩුලු පහක්ද දවා ගැනීමට සමත් වූ අතර රමේෂ් මෙන්ඩිස් පළමු ඉනිමේ කඩුලු දෙකක්ද දෙවන ඉනිමේ කඩුලු හතරක්ද දවා ගැනීමට සමත් වූවා.

තරගයේ වීරයා ලෙසින් ප්‍රවීන් ජයවික්‍රම තේරී පත් වූ අතර තරගාවලියේ වීරයා ලෙසින් තේරී පත්වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්නයි.

ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 209ක විශිෂ්ඨ ජයක්

You might also like
Comments
Loading...