නයිනාමඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි

0 4

වවුනියාව, නයිනාමඩු රක්ෂිතයේ බුරුත දැව කපා ප්‍රවාහනය කිරීමට සුදානම් කොට තිබියදී බුරුත දැව කඳන් තොගයක් සමඟ වාහන දෙකක් අත්අඩංගුවට ගත් බව වවුනියාව පුලියන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසූවේ ලද තොරතුරක් මත පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් සමඟ සිදුකළ වැටලීමකදී බුරුද දැව කඳන් 43 ක් පැටවු ටිපර් රථයක් හා කැබ් රථයක් අත්අඩංගුවට ගත් බවයි.

මෙහෙයුම සිදුකරන අවස්ථාවේ සැකකරුවන් පළාගොස් ඇති අතර, බුරුත දැව කඳන් පැටවු ටිපර් රථය හා කැබ් රථය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read Also This News : දක්ෂිණ අධිවේගයේ සේවකයින් 17කට කොවිඩ් ආසාදිත වෙයි

පොලිසිය පැවසූවේ සැකකරුවන් කළුගල් ප්‍රවාහනය කරන මුවාවෙන් ටිපර් රථය තුළ පටවා බුරුත දැව ප්‍රවාහනයට සුදානම් කොට තිබියදී අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි.

අත්අඩංගුවට ගත් බුරුත දැව කඳන් හා වාහන වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දැව ජාවාරමට සම්බන්ධ සැකකරුවන් සොයා පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් පූවරසන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

You might also like
Comments
Loading...