නීති විරෝධී මහා පරිමාණ පතල් ජාවාරමක් වටලා 4ක් අල්ලයි

0 0

මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් බුත්තල ඔක්කම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ නියදැල්ල ප්‍රදේශයේ දී සිදු කල හදිසි වැටලීමකදී මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය පතල් කැණීමේ ජාවාරමක් වටලා සැකකරුවන් හතර දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පරිසරයට ද දැඩි බලපෑම් එල්ල කරමින් මෙම පතල් කැණීම සිදු කරගෙන ගොස් ඇති අතර ඔවුන් දීර්ඝකාලයක සිට මෙම කැණිම් සිදු කර ඇති බවටද තොරතුරු අනාවරණ වී තිබෙනවා.

වැටලීමේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙහිඅත්තකණ්ඩිය සහ හුංගම යන ප්‍රදේශවල පදිංචි පිලිවෙලින් වයස අවුරුදු 24,28,33 සහ 34 යන වයස්වල පසුවන්නන් සිව්දෙනෙකු බවයි පොලිසිය පවසන්නේ.

Read Also This News : ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 209ක විශිෂ්ඨ ජයක්

සැකකරුවන් ඔක්කම්පිටිය පොලිසිය වෙත භාර දී ඇති අතර වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන මොනරාගල කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.

You might also like
Comments
Loading...