මහමග වැටී සිට රෝහල්ගත කළ පසු මියගිය පුද්ගලයාට කොවිඩ්

0 0

මාර්ගයක ඇද වැටී සිටිය දී ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය පුද්ගලයෙක්, පසුව සිදුකරන ලද පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා.

වෙන්නප්පුව – බුජ්ජම්පොළ පදිංචිව සිටි 50 හැවිරිදි අයෙක් එලෙස මියගොස් තිබෙනවා.

ඔහු පොල් කැඩීම තම ජීවන වෘත්තිය ලෙස සිදුකර ඇත.

පසුගිය 02 වනදා සවස ඔහු වෙන්නප්පුව – බුජ්ජම්පොළ ප්‍රදේශයේ මාර්ගයක වැටී සිටියදී 1990 ගිලන් රථයක ආධාරයෙන් ප්‍රතිකාර සඳහා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

Read Also This News : මස්කෙළිය රෝහල කොවිඩ් ප්‍රතිකාර ස්ථානයක් ලෙස සංවර්ධනය කෙරේ

නමුත් රෝහල්ගත කර සුළු වේලාවකින් ඔහු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

 

You might also like
Comments
Loading...