උණවටුන සංචාරක හෝටලයක 28කට කොවිඩ්

0 2

උණවටුන ප්‍රදේශයේ පිහිටි සංචාරක හෝටලයක 28 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇතැයි  තහවුරු වී ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය පමෝද සිරිවර්ධන මහතා පවසනවා.

ආසාදිතයින් හඳුනාගැනීමත් සමඟ 150කට ආසන්න ප්‍රමාණයක් නිරෝධානයට යොමු කර ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වැඩිදුරටත් කියා සිටියා.

ආසාදිතයින් හමුවූ එම හෝටලය දින 14 කට වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

Read Also This News : නයිනාමඩු රක්ෂිතයේ බුරුත දැව ජාවාරමක් වටලයි

මේ අතර ගම්පහ නගරයේ සුපිරි වෙළෙදසලක සහ සන්නිවේදන මධ්‍යස්ථානයක සේවකයින් කිහිපදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.

සෞඛ්‍ය අංශ සදහන් කළේ එම සුපිරි වෙළෙදසලේ සේවක සේවිකාවන් 10 දෙනෙකුට සහ සන්නිවේදන මධ්‍යස්ථානයේ සේවකයන් 9 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවයි.

ගම්පහ නගර සභා ක්‍රීඩාංගණයේදී සිදුකළ පී.සී.ආර්. සහ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණවලින් මෙම පිරිස හදුනාගෙන තිබෙනවා.

මෙම ආසාදිතයින්ගේ පළමු ආශ්‍රිතයින් නිවෙස්වල නිරෝධානයට යොමු කළ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

You might also like
Comments
Loading...