අද දවසට ආසාදිතයන් 1923ක් – මරණ ගණන 700 ඉක්මවයි

0 2

ශ්‍රී ලංකාවෙන් එක් දිනකදී වාර්තා වන වැඩිම කොඩිව් ආසාදිතයන් සංඛ්‍යාව අද දිනයේදී වාර්තා වූවා.

ඒ ආසාදිතයන් 1923 දෙනෙක් වාර්තා කරමින්.

ඉන් ආසාදිතයන් 1913 දෙනෙක් දිවුලපිටිය, පෑලියගොඩ, බන්ධනාගාර හා අලුත් අවුරුදු කොවිඩ් පොකුරුවලින් වාර්තා වී ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

සෙසු දස දෙනා විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 113,676ක්.

ඉන් මේ වන විට ආසාදිතයන් 98,209 දෙනෙක් සුවය ලබා ඇති අතර ආසාදිතයන් 709 දෙනෙක් මියගොස් තිබෙනවා.

Read Also This News : නීති විරෝධී මහා පරිමාණ පතල් ජාවාරමක් වටලා 4ක් අල්ලයි

කෙසේ වෙතත් 14,771 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා.

එසේම පුද්ගලයන් 834 දෙනෙක් කොරෝනා රෝග ලක්ෂණ සහිත බවට සැකය මත රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

You might also like
Comments
Loading...