2020 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

0 3

2020 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද(04) පස්වරුවේ අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

විභාග දෙපාර්තමේන්තුව කියා සිටියේ www.doenets.lk නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි.

ඒ අනුව 2020 උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව සිසුන් 194,297 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඒ නව නිර්දේශය යටතේ සිසුන් 178,337 දෙනෙක් සහ පැරණි නිර්දේශය යටතේ සිසුන් 15,960 දෙනෙක් වශයෙනි.

එසේම ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට පහසුකම් ඉදිරියේදී සලසන බවත් නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීම පිළිබඳ දැන්වීම ඉදිරියේදී ජාතික පුවත්පත්වල පළ කිරීමට කටයුතු කරන බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසනවා.

Read Also This News : මහමග වැටී සිට රෝහල්ගත කළ පසු මියගිය පුද්ගලයාට කොවිඩ්

මේ අතර නව නිර්දේශය යටතේ සිසුන් 72 දෙනෙකුගේ සහ පැරණි නිර්දේශය යටතේ සිසුන් 14 දෙනෙකුගේ ප්‍රතිඵල අත්හිටුවා ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. 

එසේම සියලුම විදුහල්පතිවරුන් වෙත අයදුම්පත් එවීම සඳහා දැනටමත් ලබාදී ඇති පරිශීලක නාම(User Name) සහ මුරපද (Password) භාවිත කර අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛනය බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට පහසුකම් සලසා ඇති බවත් පෞද්ගලික අයදුම්කරුවන් හට විභාග අංකය හෝ ජාතික හැඳුනුම්පත් අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල සටහනක් බාගත කර හැකි බවත් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයෙ සඳහන්.

විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

2020 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

 

You might also like
Comments
Loading...