UPDATE : අදත් කොවිඩ් ආසාදිතයන් 1900කට අධික සංඛ්‍යාවක්

0 9

කොවිඩ් 19 ආසාදිතයන් තවත් 764 දෙනෙකු මෙරටින් වාර්තා වන බවත් ඒ අනුව මේ වන විට අද දිනයේ මේ දක්වා ආසාදිතයන් 1914 දෙනෙක් වාර්තා වන බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

ඉන් ආසාදිතයන් 1860 දෙනෙක් දේශීය හඳුනාගෙන ඇති අතර තවත් ආසාදිතයන් 54ක් විදේශගතව සිට දිවයිනට පැමිණි පිරිස් අතරින් සහ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පිරිස් අතරින් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 115,590ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් ආසාදිතයන් 15,728 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර ආසාදිතයන් 99,153 දෙනෙක් සුවය ලබා සිටිනවා.

මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 709ක්.

මේ අතර කොවිඩ් 19 ප්‍රතිශක්තිකරණ එන්නතේ දෙවන මාත්‍රාව ලබාදීම මේ දිනවල ක්‍රියාත්මක කෙරෙමින් පවතිනවා.

ඒ අනුව අද පස්වරු 8.20 පමණ වන විට පුද්ගලයන් 120,006 දෙනෙක් දෙවන මාත්‍රාව ලබාගෙන තිබෙනවා.

පළමු මාත්‍රාව ලබාගත් සංඛ්‍යාව 928,107ක්.

UPDATE : අදත් කොවිඩ් ආසාදිතයන් 1900කට අධික සංඛ්‍යාවක්

 


 

අද දවසේ මේ දක්වා ආසාදිතයන් 1150ක් [May 4, 2021 at 19:51]

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 114,826ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ ආසාදිතයන් 1,150 දෙනෙක් අද(04) දිනයේ මේ වන විට තහවුරු වීමත් සමගින්.

මේ වන විට මෙරට රෝහල්හි සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබන කොවිඩ් 19 රෝගීන්ගේ සංඛ්‍යාව 14,964ක් වන අතර වාර්තා වන කොවිඩ් 19 ආශ්‍රිත මරණ සංඛ්‍යාව 709ක්.

කොවිඩ් 19 ආසාදිතයන්ගෙන් මේ වන විට රෝගීන් 99,153 දෙනෙක් සුවය ලබා ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.

Read Also This News : උණවටුන සංචාරක හෝටලයක 28කට කොවිඩ්

ඊට සුවය ලබා ඉකුත් පැය 24ක කාලය තුළ රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව ගිය රෝගීන් 944ද ඇතුළත්.

එසේම අද(04) උදෑසන 10 වන විට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් සංඛ්‍යාව 1,118ක් බවයි වසංගත රෝග විද්‍යා අංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.

මෙරට කොවිඩ් ආසාදිත මරණවලින් මේ වනවිට ගොස් ඇති 709 අතරින් 449 දෙනෙක් පිරිමි පුද්ගලයන් වනවා. මියගිය 260 දෙනෙක් කාන්තාවන් වනවා.

අද දවසේ මේ දක්වා ආසාදිතයන් 1150ක්

 

You might also like
Comments
Loading...