හුදකලා කළ නාඋල නගරයේ තොග වෙළෙඳ සැල් වසා දැමේ

0 3

හුදකලා කරනු ලැබු නාඋල නගරයේ විවෘතව පැවති සියළු වෙළදසැල් වහාම ක්‍රියාත්මක වන පරිදි අද (04) දින මධ්‍යහනයේ සිට වසා දැමිමට පියර ගත් බව නාඋල ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංගසිංහ මහතා පවසනවා.

ප්‍රාදේශීය ලේකම්වරයා කියා සිටියේ පසුගිය දා (02) සිට නාඋල නගරයේ තොග වෙළදසැල් විවෘතව තැබු බවයි.

ප්‍රදේශයේ මහජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනිමේ අරමුණින් වෙළදසැල් විවෘතව තැබුවත් ජනතාව වැඩි වශයෙන් නාඋල නගරයට පැමිණිම හේතුවෙන් සියළු වෙළදසැල් වසා දැමීමට ප්‍රාදේශිය කෝරෝනා මර්ධන කමිටුව තීරණය කළ බව ඔහු කියා සිටියා.

Read Also This News : අද දවසට ආසාදිතයන් 1923ක් – මරණ ගණන 700 ඉක්මවයි

කෙසේ වෙතත් වසා දමන ලද තොග වෙළදසැල් සතියේ ගරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා හැර සෙසු දිනවල පාරිභෝගිකයින්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන බවද නාඋල ප්‍රාදේශිය ලේකම් චින්තක ඉලංගසිංහ මහතා වැඩිදුරත් කියා සිටියා.

 

You might also like
Comments
Loading...