දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා කරයි

0 0

දිස්ත්‍රික්ක හතරකට අයත් ග්‍රාම නිලධාරී වසම් 12ක් වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ පවතින කොවිඩ් 19 අවදානම සලකා අදාළ ප්‍රදේශ හුදකලා කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ මහරගම පොලිස් බලප්‍රදේශයට අයත් පමුණුව ග්‍රාම නිලධාරී වසම, පිළියන්දල පොලිස් වසමට අයත් හොන්නත්තර සහ දැල්තර යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා කර තිබෙනවා.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ කිරිඳිවැල පොලිස් බලප්‍රදේශයට අයත කුට්ටිවිල ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබෙනවා.

Read Also This News : 2020 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි

රත්නපුර දිස්ත්‍රික්කයේ ඇඹිලිපිටිය පොලිස් බලප්‍රදේශයට අයත් පල්ලේගම, උඩගම සහ නව නගරය ග්‍රාම නිලධාරී සම් සහ පනාමුර පොලිස් බලප්‍රදේශයට අයත් වළල්ගොඩ, සුදුගල සහ පනාමුර ග්‍රාම නිලධාරී වසම් සහ වේවැල්වත්ත පොලිස් බලප්‍රදේශයට අයත් රත්ගඟ ග්‍රාම නිලධාරී වසම ද මේ මොහොතේ සිට හුදකලා කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

එසේම වවුනියාව දිස්ත්‍රික්කයේ පුවරන්කුලම් පොලිස් බලප්‍රදේශයට අයත් කුරුක්කල්පුතුකුලම් ග්‍රාම නිලධාරී වසමද හුදකලා කර තිබෙනවා.

ඒ අනුව මේ වන විට දිස්ත්‍රික්ක 14කට අයත් පොලිස් බලප්‍රදේශ හයක් සහ ග්‍රාම නිලධාරී වසම් 92ක් මේ වන විට හුදකලා කර තිබෙනවා.

එසේම මාවත් දෙකක් සහ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයද හුදකලා භාවයට පත් කර තිබෙනවා.

 

You might also like
Comments
Loading...