ඊයේ වැඩිම ආසාදිතයන් ගම්පහින් සහ කොළඹින්

0 2

ශ්‍රී ලංකාවෙන් ඊයේ(04) දිනයේ තහවුරු කර ගැනුණු කොවිඩ් 19 ආසාදිතයන් 1914 දෙනා අතරින් ආසාදිතයන් 1860 දෙනෙක් දේශීයව හඳුනාගත් ආසාදිතයන් බවත් සෙසු පුද්ගලයින් 54 දෙනා විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගයින් බවත් කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව ඊයේ දිනයේදී හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන ආසාදිතයන් 542ක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි. එසේම කොළඹ දිස්ත්‍රික්කයෙන්ද ආසාදිතයන් 531ක් වාර්තා වනවා.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනයේදී පමණක් වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව 116ක්.

සෙසු 671 දෙනා දිවයිනේසෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වන බවද එම මධ්‍යස්ථානය අද(05) උදෑසන නිකුත් කළ නිවේදනයේ සඳහන්.

Read Also This News : හුදකලා කළ නාඋල නගරයේ තොග වෙළෙඳ සැල් වසා දැමේ

මේ අතර අලුත් අවුරුදු සමයෙන් පසුව වාර්තා වූ ආසාදිතයන් සංඛ්‍යාව මේ වන විට 17,176ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මේ වන විට මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 115,590ක් වන අතර ඉන් ආසාදිතයන් 99,153 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබෙනවා.

කෙසේ වෙතත් තවත් ආසාදිතයන් 15,728 දෙනෙක් තවදුරටත් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

අද(05) උදෑසන 6න් අවසන් වූ පැය 24ක කාලය තුළදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයින් කිසිදුවෙක් මියගොස් නොමැති බවද කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ත්‍රිවිධ හමුදාව විසින් පාලනය කරනු ලබන නිරෝධායන මධ්‍යස්ථාන 101ක් තුළ මේ වනවිට පුද්ගලයන් 10,014 දෙනෙක් නිරෝධායනය වෙමින් සිටිනවා.

 

You might also like
Comments
Loading...