කැනියොන් විදුලි බලාගාරයේ සිව් දෙනෙකුටත් කොවිඩ්

0 1

මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය කාර්යාල බලප්‍රදේශයට අයත්, කැනියොන් ජලවිදුලි බලාගාරයේ සේවකයින් සිව් දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදිත බව ඊයේ (04) රාත්‍රී හඳුනාගත් ඇති බව  නල්ලතන්නිය මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්. එච්. ගෝදාපතිරණ මහතා පවසනවා.

කැනියොන් ජලවිදුලි බලාගාරයේ සේවයේ නියුතු සේවකයින් 76 දෙනෙකුගෙන් ඉකුත් දා 29 වනදා ලබා ගත් පී.සී.ආර්. පරීක්ෂණවල සාම්පල් වාර්තා ඊයේ (04) රාත්‍රී ලැබීමෙන් පසු මෙම නව ආසාදිතයින් සිව්දෙනා හඳුනාගැනීමට හැකිවූ බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ.

Read Also This News : දිස්ත්‍රික්ක හතරක ග්‍රාම නිලධාරී වසම් 12ක් හුදකලා කරයි

මෙම ආසාදිතයින් සිව්දෙනා  මීට ප්‍රථම කැනියෝන් ජලවිදුලි බලාගාරයේ සේවයේ නියුතුව සිටියදී ඉකුත් 24 වනදා වාර්තා වූ ආසාදිතයාගේ ආශ්‍රිතයින් වන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂක ගෝදාපතිරණ මහතා කියා සිටියා.

මෙම ආසාදිතයින් සිව්දෙනා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන යාමට නියමිත බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

You might also like
Comments
Loading...