බෝට්ටුවෙන් බස් රථයට පැටවූ කේරළ ගංජා තොගයක් අල්ලයි

0 0

යාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ සුපර්මඩු ප්‍රදේශයේදී රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුතු කේරල ගංජා කිලෝ 91 ක් පෞද්ගලික බස් රථයක් තුළ තිබී බස් රථයේ රියදුරුද සමගින් අත්අඩංගුවට ගත් බව පේදුරුතුඩුව පොලීසිය පවසනවා.

සුපර්මඩු සුසාන භූමිය අසල පිහිටි මුහුදු තීරයේදී බොට්ටුවකින් පැමිණි පිරිසක් විසින් අදාල බස් රථයට කේරල ගංජා තොගය පටවන බවට පේදුරුතුඩුව පොලීසියට තොරතුරු ලැබීමෙන් පසුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල ස්ථානයේ වැටලීමක් සිදු කර තිබෙනවා.

Read Also This News : ඊයේ වැඩිම ආසාදිතයන් ගම්පහින් සහ කොළඹින්

එහිදී බොට්ටුවෙන් පැමිණි ජාවාරම්කරුවන් පිරිස පොලීසිය දැක පලාගොස් ඇති අතර අදාල බස් රථයේ තිබී කේරල ගංජා තොගය හමුවීමෙන් පොලිස් නිලධාරීන් විසින් බස් රථයේ රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාල කේරල ගංජා තොගය ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන එන්නට ඇති බවට සැක පල කර සිටින අතර එම නිසාවෙන් බස් රථයේ රියදුරුද පේදුරුතුඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කොට නිරෝධායනයට යොමු කිරීමටද පියවර ගන්නා බවට පේදුරුතුඩුව පොලීසිය වැඩිදුරටත් පවසනවා.  

You might also like
Comments
Loading...