වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ වෙනසක්

0 0

වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාවේ නව සභාපතිවරයා ලෙස ප්ලොට් සංවිධානය නියෝජනය කළ ධර්මලිංගම් යෝගරාජා මහතා අද(05) තේරී පත්ව තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය වෙත බලය හිමි වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාවේ සභාපති තනතුර වසර දෙකකට වරක් සිය සන්ධානය සතු පක්ෂ වෙත බෙදීමට දෙමළ ජාතික සන්ධානය ගෙන ඇති තීරණය මත නව සභාපතිවරයා තෝරා පත්කරගෙන තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගත ටෙලෝ පක්ෂය නියෝජනය කළ ටි. නඩරාජසිංහම් මහතා මීට පෙර ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

Read Also This News : බූස්ස නාවික හමුදා කඳවුර තුළ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක්

හෙතෙම වසර දෙකක කාලයක් ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කළ බැවින් දෙමළ ජාතික සන්ධානයේ සන්ධානගත ප්ලොට් සංවිධානයෙන් නව සභාපතිවරයා පත් කිරීම මෙවර සිදු කෙරුණා.

උතුරු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයා ප්‍රධානත්වයෙන් පැවැත්වූ විශේෂ සභා වාරයකදී ප්ලෝට් සංවිධානයේ නියෝජිත යෝගරාජා මහතා නව සභාපති ලෙසට සභාවේ සභිකයින්ගේ කැමැත්ත මත තේරී පත්වූවා.

වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාවේ සභිකයින් 30 දෙනෙකු නියෝජනය කරනු ලබනවා.

You might also like
Comments
Loading...