යාපනයේ ග්‍රාම නිළධාරී වසම් දෙකකට සංචරණ සීමා

0 3

පවතින කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිළධාරී වසම් දෙකක් වෙත ඊයේ(04) සවස සිට සංචරණ සීමා පැනවීමට තීරණය කළ බව උතුරු පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ. කේදීශ්වරන් මහතා පවසනවා.

කේදීශ්වරන් මහතා පැවසූවේ යාපනය කොඩිකාමම් උතුර හා කොඩිකාමම් මධ්‍යම යන ග්‍රාම නිළධාරී වසම් වෙත තාවකාලික සංචරණ සීමා පනවා ඇති බවයි.

කොඩිකාමම් පොදු වෙළඳපොළ තුළ සේවය කළ වෙළදුන් 21 දෙනෙකු වෙත කොවිඩ් වෛරසය වැළදී ඇති බවට තහවුරුවීම හා ඔවුනගේ ආශ්‍රිතයින් පිරිසක් වෙත වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම හේතුවෙන් අදාළ ග්‍රාම නිළධාරී වසම් වෙත සංචරණ සීමා පනවා ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියා සිටියා.

Read Also This News : කැනියොන් විදුලි බලාගාරයේ සිව් දෙනෙකුටත් කොවිඩ්

උතුරු පළාත තුළින් ඊයේ(04) දිනයේ ලද පී.සී.ආර් පරීක්ෂණ වාර්තා අනුව පුද්ගලයින් 43 දෙනෙකු  හට වෛරසය ආසාදනය වි ඇති බව තහවුරු වී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් සඳහන් කළේ.

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරීන් කියා සිටියේ යාපනය දිස්ත්‍රික්කය තුළින් පුද්ගලයින් 37 දෙනෙකු, කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පුද්ගලයින් තිදෙනෙකු හා වවුනියාව දිස්ත්‍රික්කය තුළින් පුද්ගලයින් තිදෙනෙකු ලෙසට එලෙස ආසාදිතයින් වාර්තා වී ඇති බවයි.

You might also like
Comments
Loading...