අද දවසේ කාලගුණික තත්ත්වය

0 4

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත් නැගෙනහිර පළාතෙත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටියේ සබරගමුව, මධ්‍යම, බස්නාහිර, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක් තද වැසිද ඇති විය හැකි බවයි.

එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවන්හිදී තාවකාලිකව ඇති වන තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

Read Also This News : බෝට්ටුවෙන් බස් රථයට පැටවූ කේරළ ගංජා තොගයක් අල්ලයි

මේ අතර ඉදිරි පැය 24 සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ අනාවැකිය පහත පරිදි වේ.

අද දවසේ කාලගුණික තත්ත්වය

 

You might also like
Comments
Loading...