පුද්ගල ඝාතන දෙකක්

0 2

මොරවක සහ ග්‍රෑන්ඩ්පාස් යන ප්‍රදේශවලින් පුද්ගල ඝාතන දෙකක් වාර්තා වනවා.

මොරවක නයාදොල, අලපලාදෙනියේදී සිදු වූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් මොරවක පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

බිරිඳ සහ ස්වාමි පුරුෂයා අතර ඇති වූ පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳගේ පියා විසින් බෑනාට ආයුධයකින් පහරදීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට විමර්ශනවලදී හෙළිව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 33ක් වූ නයාදොල අලපලාදෙනිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පොලිසිය කියා සිටියේ.

මෘත දේහය මොරවක රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read Also This News : වවුනියාව දකුණ දෙමළ ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුවේ වෙනසක්

අත්අඩංගුවට ගත් සැකකරු අද(06) මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර මොරවක පොලිසිය ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

මේ අතර කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් පොලිස් බලප්‍රදේශයේ සේදවත්ත වැල්ලම්පිටිය ප්‍රදේශයේදී පිහියකින් ඇණ පුද්ගලයකු ඝාතනය කර ඇති බවට ග්‍රෑන්ඩ්පාස් පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිසිය කියා සිටියේ බහින් බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එක් පුද්ගලයෙක් තවත් පුද්ගලයෙකුට සිදු කළ පිහි ඇණුමකින් ඝාතනය සිදුව ඇති බව අනාවරණ වී ඇති බවයි.

වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෘතදේහය කොළඹ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් සිදු කරන අතර අත්අඩංගුවට ගත් සැකකරු මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද(06) ඉදිරිපත් කිරීමට නියමිතයි.

You might also like
Comments
Loading...