යතුරු පැදි අනතුරකින් කාන්තාවක් මරුට

0 3

කොටවෙහෙර පොලිස් බලප්‍රදේශයේ කොටවෙහෙර ඉලිණිමිටිය මාර්ගයේ කොටවෙහෙර රෝහල අසලදී මාර්ගය හරහා ගමන් කළ ගවයකුගේ යතුරු පැදියක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරෙන් යතුරු පැදිකරු හා පසුපැදිකාරීය බරපතල තුවාල ලබා නිකවැරටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකාරිය මියගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 55ක් පමණ වූ පාලුස්වැව, මීවැල්ලැව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Read Also This News : යාපනයේ ග්‍රාම නිළධාරී වසම් දෙකකට සංචරණ සීමා

මෘතදේහය නිකවැරටිය මූලික රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොටවෙහෙර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

You might also like
Comments
Loading...