නිධන් කැනීම් කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

0 3

වැලිගම, කොටිගල ප්‍රදේශයේ නිධන් හෑරීම සඳහා කැනීම් කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය කියා සිටියේ වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමේදී අදාළ සැකකරුවන් දෙදෙනා සහ කැනීම් කිරීම සඳහා යොදාගත් උපකරණ, පූජා භාණ්ඩ ඇතුළු දේපල සමග අත්අඩංගුවට ගත් බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 28ක් සහ 66ක් වූ වැලිගම සහ පැනෑටියන යන ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.

Read Also This News : අද දවසේ කාලගුණික තත්ත්වය

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට අද(06) දින ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

You might also like
Comments
Loading...