අනුරාධපුර කොල්ලයක් අතරතුර වෙඩි තැබීමක්

0 4

අනුරාධපුර නව බස් නැවතුමෙහි පිහිටි සම්පත් බැංකු ශාඛාවේ ATM යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙන එන ලද මුදල් කොල්ලකෑමට කළ උත්සාහයකදී සිදු වූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයකු තුවාල ලබා තිබෙනවා.

අදාළ බැංකුවේ ATM යන්ත්‍රයට මුදල් තැන්පත් කිරීම සඳහා එම බැංකුවේ නිලධාරියෙක් සහ බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක් අද(06) උදෑසන 6.45ට පමණ පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් අදාළ මුදල් තොගය පැහැර ගැනීමට උත්සාහ දරා තිබෙනවා.

එලෙස පැහැර ගැනීමට තැත් කිරීමේදී දෙපිරිස අතර පොර බැදීමක් සිදුව ඇති අතර එහිදී ආරක්ෂක නිලධාරියා සතුව තිබූ ගිනි අවිය ක්‍රියාත්මක වීම හේතුවෙන් ඔහු තුවාල ලබා තිබෙනවා.

Read Also This News : යතුරු පැදි අනතුරකින් කාන්තාවක් මරුට

කෙසේ වෙතත් මුදල් රැගෙන පැමිණි වෑන් රථයේ රියදුරා ගිනි අවිය රැගෙන කොල්ලකරුවන් වෙත වෙඩි තබා ඇති අතර වෙඩි ප්‍රහාරයත් සමගින් කොල්ලකරුවන් පළාගොස් තිබෙනවා.

ඒ හේතුවෙන් ඔවුන්ගේ මුදල් කොල්ලය වැලකී ගොස් ඇති බවයි ලංකාග්‍රවුන්ඩ් වාර්තාකරු කියා සිටියේ.

මේ අතර තුවාල ලද බැංකු ආරක්ෂක නිලධාරියා රෝහල් ගත කර තිබෙනවා.

 

You might also like
Comments
Loading...