ඉන්දියාවේ සිට පැමිණෙන්නන්ට කටුනායක දොර වැසේ

0 3

වහාම ක්‍රියාත්මක වන පරිදි ඉන්දියාවේ සිට පැමිණෙන කිසිදු පුද්ගලයකුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම තහනම් කර ඇති බව සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසනවා.

පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය අමාත්‍යංශයේ උපදෙස් මත එම තීරණය ගත් බවයි සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා කියා සිටියේ.

මේ අතර මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට පුද්ගලයන් දිවයිනට පැමිණෙනන්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට නාවික හමුදාව මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

Read Also This News : නිධන් කැනීම් කරමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට

ඒ අනුව බෝට්ටු 12කින් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීමට උත්සාහ කළ ඉන්දියානුවන් 80කට අධික සංඛ්‍යාවක් පසුගියදා නාවික හමුදාව භාරයට ගැනුණා.

මේ අතර ඉන්දියාවෙන් දෛනිකව වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන් සංඛ්‍යාව ගෙවී ගිය පැය 24 තුළදී හාර ලක්ෂය ඉක්මවා තිබෙනවා.

You might also like
Comments
Loading...