තවත් ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදකලා කරයි

0 4

කොළඹ සහ ගාල්ල දිස්ත්‍රික්කයන්ට අයත් ග්‍රාම නිලධාරී වසම් අටක් අද(08) උදෑසන 5 සිට හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බලප්‍රදේශයට අයත් නිවන්තිඩිය සහ මාම්පේ නැගෙනහිර ග්‍රාම නිලධාරී වසම් සහ මහරගම පොලිස් වසමට අයත් ඇරැව්වල බටහිර ග්‍රාම නිලධාරී වසම අද(08) උදෑසන 5 සිට හුදකලා ප්‍රදේශ වශයෙන් නම් කර තිබෙනවා.

මීට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ හබරාදූව පොලිස් බලප්‍රදේශයට අයත් කොග්ගල 1, කොග්ගල 2, මීගහගොඩ, පියදිගම බටහිර සහ මාලියගොඩ යන ග්‍රාම නිලධාරී වසම්ද අද(08) උදෑසන 5 සිට හුදකලා කර තිබෙනවා.

Read Also This News : කොවිඩ්වලින් මියගිය ගැබිණි මව ගැන වෛද්‍යවරයා තැබූ සංවේදී සටහන

ඒ අනුව මේ වන විට කොළඹ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 24ක් මොනරාගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් හයක්, අම්පාර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් තුනක්, මාතලේ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රෙද්ශ හතරක් සහ ග්‍රාම නිලධාරී වසමක්, ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 9ක් හුදකලා කර තිබෙනවා.

එසේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 2ක්, ගම්පහ දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 11ක් සහ මාවත් දෙකක්ද කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 24ක්ද ත්‍රීකුණාලමය දිස්ත්‍රික්කයේ එක් මාවතක් සහ ග්‍රාම නිලධාරී වසම් 9ක්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ දෙකක් සහ ග්‍රාම නිලධාරී වසම් 4ක්ද හුදකලා කර තිබෙනවා.

රත්නපුර දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම් සංඛ්‍යාව 10ක්.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 5ක්ද මඩකලපුව සහ වව්නියාව යන දිස්ත්‍රික්කවල එක් ග්‍රාම නිලධාරී වසම බැගින්ද හුදකලා කර තිබෙනවා.

කෙසේ වෙතත් කළුතර දිස්ත්‍රික්කයේ හුදකලා කර තිබූ ඉඟුරුදළුව, පැලවත්ත නැගෙනහිර, මිරිස්වත්ත සහ පහළ හේවෙස්ස යන ග්‍රාම නිලධාරී වසම්හි හුදකලා බව මේ වන විට ඉවත් කර තිබෙනවා.

 

You might also like
Comments
Loading...