අද දවසේ කාලගුණ තත්ත්වය

0 8

දිවයිනේ නැගෙනහිර සහ ඌව පළාත්වලටත් හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තමේන්තුව අද(08) උදෑසන නිකුත් කළ නිවේදනයට අනුව දිවයිනේ සෙසු ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි සඳහන් වන්නේ.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ ඌව පලාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බවද එම නිවේදනයේ සඳහන්.

Read Also This News : ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 745ක් දක්වා ඉහළට

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලිකක තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙසට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

ඉදිරි පැය 24ක කාලය සඳහා දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සඳහා නිකුත් කළ කාලගුණ අනාවැකිය පහතින් දැක්වේ.

You might also like
Comments
Loading...