ඉන්දියානු වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයකු පළමුවරට හමුවෙයි

0 4

ඉන්දියාවේ පැතිර යමින් පවතින කොරෝනා වෛරස් ප්‍රභේදයේ ආසාදිතයකු මෙරටින් පළමුවරට හමුව තිබෙනවා.

මෙරට නිරෝධායන මධ්‍යස්ථානයකින් එම ආසාදිතයා හමු වූ බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යාතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා කියා සිටියේ ආදාළ ආසාදිතයා විදේශගතව සිට දිවයිනට පැමිණ නිරෝධායනය වෙමින් සිටි අයෙක් බවයි.

Read Also This News : තවත් ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදකලා කරයි

ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉන්දියාවේ පැතිර යමින් පවතින කොවිඩ් වෛරස් ප්‍රභේදය B.1.617 ලෙසින් හඳුන්වන බවත් එවැනි ආසාදිතයකු මෙරටින් හමු වූ පළමු අවස්ථාව මෙය බවත්ය.

අදාළ වෛරස් ප්‍රභේදය මේ වන විට ඉන්දියාවේ ඉතාමත් සීග්‍රයෙන් පැතිර යමින් පවතින අතර දෛනිකව විශාල ආසාදිතයන් සංඛ්‍යාවක් මෙන්ම විශාල මරණ සංඛ්‍යාවක්ද ඉන්දියාවෙන් වාර්තා වනවා.

 

You might also like
Comments
Loading...