අලුතින්ම හුදකලා ප්‍රදේශ

0 5

දිස්ත්‍රික්ක දෙකකට අයත් පොලිස් බලප්‍රදේශ තුනක තුනක ග්‍රාම නිලධාරී වසම් 20ක් අද(09) උදෑසන සිට හුදකලා කර ඇති අතර කළුතර දිස්ත්‍රික්කයට අයත් එක් ග්‍රාම නිලධාරී වසමක හුදකලාභාවය ඉවත් කර තිබෙනවා.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන සහ රක්වාන පොලිස් බලප්‍රදේශවලට අයත් ග්‍රාම නිලධාරී වසම් 19ක් සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ලිඳුල පොලිස් බලප්‍රදේශයට අයත් වතුයායක් මේ අනුව හුදකලා කර ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසන්නේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ලෙස හුදකලා කර ඇත්තේ රක්වාන පොලිස් බලප්‍රදේශයට අයත් දොලේකන්ද, රඹුක, කත්ලාන, තණබෙල, ඉළුඹුකන්ද සහ පොතුපිටිය දකුණ යන ග්‍රාම නිලධාරි වසම්ය.

Read Also This News : ඉන්දියානු වෛරස් ප්‍රභේදය සහිත ආසාදිතයකු පළමුවරට හමුවෙයි

එසෙම කලවාන පොලිස් බලප්‍රදේශයට අයත් පානාපොළ, කුඩුමිරිය, කුඩව, දෙල්ගොඩ නැගෙනහිර, දෙල්ගොඩ බටහිර, දව්ගලගම, ගඟලගමුව, කොස්වත්ත, තපස්සර කන්ද, වතුරාව, වෙම්බියගොඩ, වැද්දාගල නැගෙනහිර, වැද්දාගල බටහිර සහ කලවාන බටහිර ග්‍රාම නිලධාරි වසමේ ප්‍රධාන නගරයේ සිට නැගෙනහිර දොළහේන මංසන්ධිය දක්වා ප්‍රධාන මාර්ගය දෙපසද හුදකලා කර තිබෙනවා.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ළිඳුල පොලිස් බලප්‍රදේශයට අයත් ශාන්ත කුම්බිස් වතුයායද හුදකලා කර තිබෙනවා.

කළුතර දිස්ත්‍රික්කයේ පානදුර දකුණ පොලිස් බලප්‍රදේශයේ නාරම්පිටිය ග්‍රාම නිලධාරි වසම අද(09) උදෑසන සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා.

 

You might also like
Comments
Loading...