වරකදී නිවේදනය කළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද

0 4

වරකදී නිවේදනය කරනු ලැබූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද(09)මේ වන විට නිවේදනය කර තිබෙනවා.

ඒ කොවිඩ් 19 ආසාදිතයන් 1731ක් අද දිනයේ මේ දක්වා තහවුරු වූ බව හඳුනා ගැනීමත් සමගින්.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 124966ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොවිඩ් ආසාදිතව රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයන් 1365 දෙනෙක් ගෙවී ගිය පැය 24ක කාලය තුළ සුවය ලබා පිටව යාමත් සමගින් මෙරට කොවිඩ් 19 ආසාදිතව සුවය ලැබූවන්ගේ සංඛ්‍යාව 104463ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : අලුතින්ම හුදකලා ප්‍රදේශ

එසේම මේ වන විට රෝහල්ගතව සිටින සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 19,717ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

මේ අතර ඊයේ(08) දිනයේදී වාර්තා වූ කොවිඩ් 19 ආසාදිත මරණ 22ද සමගින් මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව මේ වනවිට 786ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම අද(09) උදෑසන 10 වන විට රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව 1,314ක් බවට වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

You might also like
Comments
Loading...