ශ්‍රී ලංකාවේ පළමුවරට දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 2650 ඉක්මවයි

0 2

දිනක් තුළ මෙරටින් වාර්තා වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව පළමුවරට 2,650 ඉක්මවා තිබෙනවා.

ඒ අද(09) දිනයේදී තවත් ආසාදිතයන් 927 දෙනෙක් වාර්තා වීමත් සමගින්.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 125,906ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ දේශීය වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,659ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ.

මේ අතර විදේශගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පිරිස අතරින් අද දිනයේදී තවත් ආසාදිතයන් 13 දෙනෙක් වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

Read Also This News : අලුතින්ම හුදකලා ප්‍රදේශ

ඒ අනුව අද දිනයේ මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2,672ක් වනවා.

එය මෙතෙක් ශ්‍රී ලංකාවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවද වනවා.

මේ අනුව මේ වන විට කොවිඩ් 19 ආසාදිතව රෝහල්ගතව සිටින සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 20,657ක් වන අතර ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත රෝගීන්ගේ සංඛ්‍යාව 104,463ක් වනවා.

මේ අතර මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 786ක් වනවා.

එසේම අද(09) උදෑසන 10 වන විට රෝහල්ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැක සහිත රෝගීන් සංඛ්‍යාව 1,314ක් බවට වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා.

You might also like
Comments
Loading...