කොවිඩ් 19 ආසාදිත තවත් ගැබිණි මවක් ජීවිතක්ෂයට

0 0

කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්මෝ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත ගැබිණි කාන්තාවක් අද(09) දිනයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඇය මුල්ලෙරියාව රෝහලේ සිට අසාධ්‍ය තත්ත්වයෙන් කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණා.

එහිදී ඇයට එක්මෝ ප්‍රතිකාර සඳහා යොමු කළ බවත් කෙසේ වෙතත් මවගේ සහ දරුවාගේ දිවි බේරා ගැනීමට නොහැකි වූ බවත් වෛද්‍යවරුන් පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 44 හැවිරිදි ගැබිණි මාතාවක් වන අතර මෙය ඇයගේ පළමු දරු ප්‍රසූතියද වනවා.

Read Also This News : වරකදී නිවේදනය කළ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද

කෙසේ වෙතත් මෙම කාන්තාව දින 11ක් පමණ එක්මෝ යන්ත්‍රෙය් උපකාරයෙන් ප්‍රතිකාර ලැබූ බවත් මීට දින කිහිපයකට පෙර ඇය සිහි මුර්ජා තත්ත්වයෙන් සිටියදී මළ දරු උපතක් සිදු කළ බවත් රෝහලේ වෛද්‍යවරුන් වැඩිදුරටත් පවසනවා.

කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතුවෙන් මොළයේ ඉදිමීමේ තත්ත්වයක් දක්නට ලැබුණු බවයි වෛද්‍යවරුන් පවසන්නේ.

 

You might also like
Comments
Loading...