කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

0 0

කොවිඩ් 19 ආසාදිත මරණ 15ක් අද(09) දිනයේදී රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එම මරණ මැයි මස 6 වැනිදා සිට අද(09) වනදා දක්වා සිදුව ඇති බවයි සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ බණ්ඩාරගම, අම්පිටිය, ගණේමුල්ල, රාගම, කුලියාපිටිය, බිබිල, ගල්කිරියාගම, කුලියාපිටිය, පස්සර, වස්කඩුව, නෑබොඩ, බෝඹුවල, නාවුත්තුඩුව, කොළඹ 07 සහ මඩොල්කැලේ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ.

Read Also This News : දින 10න් ඇඳන් 10000ක් ව්‍යාපෘතියට ඇමැති නාමල්ගෙන් දිරිගැන්වීමක්

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ සම්පූර්ණ වාර්තාව පහතින් දැක්වේ.

කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

You might also like
Comments
Loading...