අදත් ආසාදිතයන් 1581ක්

0 1

කොවිඩ් 19 ආසාදිතයන් 1581 දෙනෙක් අද(10) දිනයේ මේ වන විට වාර්තා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව 127,487ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව මේ වන විට රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබමින් සිටින ආසාදිතයන්ගේ සංඛ්‍යාව 21,075ක් වනවා.

මේ අතර පූර්ණ සුවය ලැබූ රෝගීන් 1148 දෙනෙක් රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 105,611ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

Read Also This News : කොවිඩ් 19 ආසාදිත තවත් ගැබිණි මවක් ජීවිතක්ෂයට

එසේම මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 801ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අද(10) උදෑසන 10 වන විට රෝහල් ගත කර ඇති කොරෝනා රෝගීන් ලෙස සැකසහිත රෝගීන් සංඛ්‍යාව 1249ක් වනවා.

You might also like
Comments
Loading...