රටම Lockdown කිරීමේ කිසිදු තීරණයක් ගෙන නෑ

0 0

රට සම්පූර්ණයෙන් වසා දැමීම හෙවත් ලොක්ඩවුන් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව කොවිඩ්-19 ව්‍යාප්තිය වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ කෙසේ වෙතත් පළාත් අතර අනවශ්‍ය සංචරණ වැළැක්වීමට ඉදිරියේදී ඇතැම්විට සීමා පැණවීමට සිදුවනු ඇති බවයි.

යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැහැදිළි කර සිටියේ එලෙස සංචරණ සීමා පැනවීමට පියවර ගැනුණද අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයීම සහ ජනතාවගේ අත්‍යවශ්‍ය කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට පියවර ගන්නා බවයි.

Read Also This News : කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

මේ අතර හෙට සිට ත්‍රිවිධ හමුදාව යොදවා කොවිඩ් එන්නත්කරණ වැඩපිළිවෙළ කඩිනම් කිරීමටද තීරණය කර ඇති අතර එහිදී කොවිඩ් රොගීන් බහුලව වාර්තා වු ප්‍රදේශ ආශ්‍රිතව කඩිනමින් එන්නත්කරණ වැඩ සටහන ක්‍රියාත්මක කරන බව ද ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියා.

 

You might also like
Comments
Loading...