නෝර්වුඩ් හි පෞද්ගලික ඇඟලුම් කම්හලක් තාවකාලිකව වැසේ

0 0

[රංජිත් රාජපක්ෂ – හැටන්] නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් කර්මාන්ත ශාලාවක් අද (10) දින තාවකාලිකව වසා දමා එහි අසාදිතයන්ගේ ආශ්‍රිතයන් 280 දෙනෙකු ස්වයං නිරෝධානයට යොමු කළ බව මස්කෙලිය මහජන සෞඛ්‍ය පරික්ෂක වි. නරෙන්ද්‍රකුමාර් මහතා පවසනවා.

නොර්වුඩ් ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 20 දෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා වැඩිදුරටත් කියා සිටියේ.

අද (10) දින වසා දැමු නොර්වුඩ් පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාව හෙට (11) දින විෂබිජහරණය කර එළැඹෙන 12 දින යළි විවෘත කරන බවද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියා සිටියා.

Read Also This News : PCR රසායනාගාර දිස්ත්‍රික් මට්ටමින් වැඩි කිරීම කෙරෙහි අවධානය

You might also like
Comments
Loading...