පළාත් අතර සංචරණ සීමා පැනවේ

0 3

කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සියලු ම පළාත් අතර සංචරණ සීමා පැනවෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව එළඹෙන මැයි 30 වනදා දක්වා එම සංචරණ සීමා ක්‍රියාත්මක වන බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

කෙසේ වෙතත් අත්‍යවශ්‍ය සේවා සඳහා එය බාධාවක් නොවන බවද එම නිවේදනයේ සඳහන්.

එම සීමාවන් පැනවීමේදී ජන ජීවිතය අඩාල නොවන අයුරින් සහ රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට නිසි ක්‍රමවේද අනුගමනය කළයුතු බව ජනාධිපතිවරයා අවධාරණය කර තිබෙනවා.

Read Also This News : අදත් ආසාදිතයන් 1581ක්

මේ ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා නිකුත් කළ ප්‍රකාශය.

You might also like
Comments
Loading...