ඊයේත් ආසාදිතයන් සංඛ්‍යාව 2600 ඉක්මවයි

0 1

ශ්‍රී ලංකාවෙන් වාර්තා වන කොවිඩ් 19 ආසාදිතයන්ගේ සංඛ්‍යාව මේ වන විට 128,530ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අඛණ්ඩව දෙවන දිනටත් ආසාදිතයන් 2600 ඉක්මවමින් මෙරටින් ආසාදිතයන් වාර්තා කරමින්.

ඒ අනුව ඊයේ (10) දිනයේදී මෙරටින් කොවිඩ් 19 ආසාදිතයන් 2624 දෙනෙක් හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට කොවිඩ් 19 ආසාදිතයින් 22,118 දෙනෙක් රෝහල්ගතව සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයන්හි ප්‍රතිකාර ලබමින් සිටින බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ.

Read Also This News : පළාත් අතර සංචරණ සීමා පැනවේ

කෙසේ වෙතත් මේ වන විට මෙරට කොවිඩ් 19 ආසාදිත සමස්ත සංඛ්‍යාවෙන් ආසාදිතයන් 105,530 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. එසේම මෙරටින් වාර්තා වන කොවිඩ් 19 ආසාදිත මරණ සංඛ්‍යාව 801ක්.

 

You might also like
Comments
Loading...